සිංහල ශබ්දකෝෂ කාර්යාංශය මගින් කෙරෙන ශබ්දකෝෂ සම්පාදන කාර්යයෙහි ඉදිරි ප‍්‍රගතිය උදෙසා සැලැස්මක් ඉදිරිපත් කොට තිබේ. ඒ අනුව සැලසුම් කොට ඇති කාර්යයන් ලෙස,

2017 වර්ෂය සඳහා සැලසුම් කොට ඇති කාර්යයන් වනුයේ

  • සිංහල-සිංහල ශබ්දකෝෂයේ සංශෝධිත VII වන කලාපය මුද්‍රණයෙන් එළි දැක්වීම.
  • සිංහල-දෙමළ-ඉංග්‍රීසි ශබ්දකෝෂයේ දෙවන කලාපය මුද්‍රණයට භාරදීම.
  • සිංහල-සිංහල සංක්ෂිප්ත ශබ්දකෝෂයේ 1 වන කාණ්ඩය සංශෝධනය කිරීමෙන් අනතුරුව මුද්‍රණය සඳහා භාරදීමට අපේක්ෂිතය.
  • සිංහල-ඉංග‍්‍රීසි ශබ්දකෝෂයේ 31 වන කලාපය මුද්‍රණයට භාරදීම.
  • සිංහල-ඉංග‍්‍රීසි සංක්ෂිප්ත ශබ්දකෝෂයේ 1 වන කලාපය මුද්‍රණයට භාරදීම.

2013 වර්ෂය සඳහා සැලසුම් කොට ඇති කාර්යයන් වනුයේ

  • සිංහල-සිංහල ශබ්දකෝෂයේ සංශෝධිත VII වන කලාපය මුද්‍රණයෙන් එළිදැක්වීම.
  • සිංහල-ඉංග්‍රීසි ශබ්දකෝෂයේ 29 වන කලාපය මුද්‍රණයෙන් එළිදැක්වීම.
  • සිංහල-ඉංග්‍රීසි ශබ්දකෝෂයේ 30 වන කලාපය (ත-ඵෝමිත) මුද්‍රණයට භාර දීම.

2014 වර්ෂය සඳහා සැලසුම් කොට ඇති කාර්යයන් වනුයේ

  • සිංහල-ඉංග්‍රීසි ශබ්දකෝෂයේ 30 වන කලාපය (ත-ඵෝමිත) මුද්‍රණයෙන් එළි දැක්වීම.
  • සිංහල-සිංහල ශබ්දකෝෂයේ සංශෝධිත VIII වන කලාපය මුද්‍රණයට භාරදීම.
  • සිංහල-ඉංග්‍රීසි ශබ්දකෝෂයේ 31 වන කලාපය මුද්‍රණයට භාර දීම.